සිවුරු පූජාවේ ආනිසංස

atapirikaraonline.com

සිවුරු පූජාවේ ආනිසංස

ඒකදුස්ස දායක හිමි පැහැදුනු සිතින් නුවණ යොදා
පියුමතුරා බුදුරජුන්ට එක් වස්ත්රුයක් පිඳූ පිනින්
තිස්හය වතාවක් සක් දෙවිඳු විය.
තිස්තුන් වතාවක් සක්විති රජ වුණේ ය.
මනුලොව දී පහත සඳහන් අනුහස් ලැබී ඇත්තාහ.

රූමත් පුද්ගලයෙකු වේ
ගුණවන්තයෙකු වේ
සතුරන්ට නොමැඬිය හැකිය
බොහෝ වස්ත්ර ලැබෙත්
බොහෝ භෝග සම්පත් ලබති
උඩු වියන් ලැබේ
රන්වන් පාට ශරීරයක් ලැබේ
මීට අමතරව පිළින්දිවච්ඡ අපදානයට අනුව
මේ ආනිසංස ද ලැබෙන්නා හ.
දූවිලි නො ඇලෙන සමක් ඇත්තෙකු වේ
කාන්තිමත් ශරීරයක් ලැබේ
සිනිඳු ශරීරයක් ලැබේ

තෙරුවන් සරණයි !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New arrivals